Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ මේ දක්වා සිදුකරන ලද නාවික මෙහෙයුම්වලදී රුපියල් බිලියන 13 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව ප්‍රකාශ කළේ රුපියල් මිලියන 13,210 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු ඔවුන් භාරයට ගෙන ඇති බව හා එම මත්ද්‍රව්‍ය නීතිමය කටයුතු සඳහා මෙම ද්‍රව්‍ය බලධාරීන්ට භාර දී ඇති බවයි.
නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේ දෙවුන්දර තුඩුවේ සිට දළ වශයෙන් නාවික සැතපුම් 356 (කිලෝමීටර 700) ක් දුරින් සිදු කරන ලද නාවික මෙහෙයුමකදී රුපියල් මිලියන 3,250 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 131ක් පමණ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු සමඟින් ක්‍රියාත්මක කළ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
මෙම ධීවර යාත්‍රාව ගාලු වරායට රැගෙන ගොස් ඇති අතර එහිදී සිදුකරන ලද දැඩි පරීක්ෂාවකදී එහි බඳ තුළ රහසිගත මැදිරිවල සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 131.754ක් සොයාගෙන ඇත.
මෙම විශේෂ මෙහෙයුම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත සිදුකරන ඇත.
මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා විධිමත් මෙහෙයුම් සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බව ද නාවික හමුදාව ප්‍රකාශ කරයි.
මේ අතර ධීවරයන් ලෙස පෙනීසිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් එම තොරතුරු ලබාදෙන ලෙස නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart