August 15, 2023

2023 ඔක්තෝබර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත පැමිණීමට බලාපොරොත්තු වන ෂී යැන් 6(Shi Yan 6) නම් චීන සමුද්‍ර පර්යේෂණ යාත්‍රාව කෙරෙහි ඉන්දියාව දැඩි අවධානයක් යොමුකර ඇත.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) පවසන්නේ, නෞකාවේ පැමිණීම දැනටමත් සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ, නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව තමන් දැනුවත් කර නැති බවයි.

නවීන විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් වන ෂී යැන් 6, භෞතික ගවේෂණය සහ භූ කම්පන අත්පත් කරගැනීම සහ සැකසීම කෙරෙහි අවධානය යොමුකරන අතර එය ඩොලර් මිලියන 74 ක ආයෝජනයකින් ඉදිකර ඇත.

යාත්‍රාවේ දිග මීටර් 90.6 ක්, පළල මීටර් 17.0 ක්, ගැඹුර මීටර් 8.0 ක් සහ දළ බර ටොන් 3,990 ක් වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනකුට නවාතැන් ගත හැකිය.

එහි උපරිම වේගය නොට් 16.5 ක් වන අතර, නාවික සැතපුම් 12,000 ක සහ දින 60 ක ස්වයං තිරසාර ධාරිතාවක් ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ ෂී යැන් 6 නෞකාව පැමිණීම පිළිබඳව තමන් දැනුවත් නොකළ බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ එවැනි යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළට පැමිණීමට නම්, ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය හරහා දැනුවත් කළ යුතු බවයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) පවසන්නේ, මෙම නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගත් එකඟතාවක කොටසක් බවයි.

නාරා ආයතනයේ නිලධාරීන් පවසන්නේ, තමන්ගේම පර්යේෂණ සඳහා ජල සාම්පල ලබාගැනීම සඳහා නෞකාව සමඟ සම්බන්ධ වන බවයි.

කොවිඩ් වසංගතයට පෙර මෙම නෞකාව ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීමට නියමිතව තිබූ අතර එය කිහිප වතාවක් ප්‍රමාද වූ බවයි.

දකුණු වෙරළ තීරයේ පමණක් නෞකාව පර්යේෂණ මෙහෙයුම්වල නිරත වන බව නාරා ආයතනයේ නිලධාරීන් ප්‍රකාශ කරයි.

(News 1st)