Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ සහ නීතිවිරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 11 දෙනකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව විසින් කිලිනොච්චිය, කුඩාරප්පු සහ වලෛයි මුහුදු ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.
සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා 04 ක්, මුහුදු කූඩැල්ලන් තොගයක්, කිමිදුම් උපකරණ සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න ද නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
මීට අමතරව උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීමට අයත් චලෛයි නාවික අනුඛණ්ඩය මගින් කිලිනොච්චිය, චලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රා 02 ක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී නීතිවිරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 05 දෙනෙකු සමග එම ඩිංගි යාත්‍රා 02 සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
එම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 42 ත් අතර වයස් කාණ්ඩවල පසුවන මන්නාරම සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති බවත් නාවික හමුදාව පැවසීය.
එම සැකකරුවන් සහ ඔවුන් සන්තකයේ තිබී සොයාගැනුණු ආම්පන්න සහ අනෙකුත් ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart