42.31%
17.27%
32.76%
October 5, 2024

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද පැවැති තරගය කඩුලු 06 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් දෙක අද ක්‍රීඩා කළේ T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි තරගයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩයම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 93ක් රැස්කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 03 ක් රැස්කර සිටියදී දැවී ගිය අතර, විශ්මි ගුණරත්න කිසිදු ලකුණක් නොලබා දැවීගියාය.

අනතුරුව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 5ක්ද, හෂිනි පෙරේරා ලකුණු 2ක්ද, අනුෂ්කා සංජීවනී ලකුණු 16ක්ද, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක්ද රැස්කිරීමට සමත්වූහ.

පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Megan Schutt කඩුළු 03ක්ද, Sophie Molineux කඩුලු 02ක්ද Ashleigh Gardner සහ Georgia Wareham එක් කඩුල්ල බැගින් ද දවාගැනීමට සමත්වූහ.

අනතුරුව ලකුණු 94ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 02ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී නියමිත ලකුණු සීමාව පසුකර යෑමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Alyssa Healy ලකුණු 17ක්ද, Georgia Wareham ලකුණු 03ක්ද, Ashleigh Gardner ලකුණු 12ක්ද Beth Mooney නොදැවී ලකුණු 43 රැස්කර ගැනීමට සමත්වූහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උදේෂිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරි එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත්වූහ.

42.31%
17.27%
32.76%