December 1, 2023

මේ වසරේ සැප්තැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් වාර්තාවී ඇත.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන් 485ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට(427ක්) සාපේක්ෂව සියයට 13ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

සැප්තැම්බර් මාසය දක්වා වාර්තා වූ සිද්ධීන් අතරින් පිරිමින් 72ක් සහ කාන්තාවන් 0 ක් වයස අවුරුදු 15-24 අතර වයස් සීමාවන් තුළට අයත් වන අතර ඉතිරි රෝගීන් අවුරුදු 25ට වැඩි පුද්ගලයින් වේ.

තවද, 2023 වසරේ මේ වන විට HIV/AIDS සම්බන්ධ මරණ 43ක් වාර්තා වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව අතර HIV රෝගීන් 10ක් නිල වශයෙන් වාර්තාවී ඇත.

42.31%
17.27%
32.76%