Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් මේ දක්වා කිසිදු ලාභාංශ මුදලක් ශ්‍රී ලංකාවට ලැබී නැති බව වාරය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ඊට හේතුව හම්බන්තොට වරාය මගින් මේ දක්වා ලාභ ඉපැයීමක් සිදු නොකිරීම ඊට හේතුව බවයි.
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා රජයට අයිතිය ඇත්තේ 15%ක් වන කොටස් ප්‍රමාණයකට පමණි.
සෙසු සියලු කොටස්වල හිමිකාරීත්වය චීන සමාගමට අයත්ය.
හම්බන්තොට වරාය මගින් ලාභ ඉපැයීම අරමුණු කරගත් ව්‍යාපෘති හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා සාකච්ඡාවක්ද පැවැත්වී තිබිණි.
එහිදී හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරී රවීන්ද්‍ර ජයවික්‍රම ප්‍රකාශ කළේ, හම්බන්තොට වරායේ නව සංවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය සමග පවතින ගැටලු කිහිපයක් නිරාකරණය කරගත යුතු බවයි.
මෙම වරාය වෙනුවෙන් පාලනාධිකාරිය ගෙනෙන යෝජනා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු අමාත්‍යංශය වෙත යොමුකරන ලෙසත් අවශ්‍යනම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලබාගැනීමට කටයුතු කරන බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී ප්‍රකාශකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart