Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට (UNDP) අනුව ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික ප්‍රකෘතිය අතින් වඩාත්ම අසමාන රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
ඔවුන්ගේ වාර්තාවට අනුව දුර්වල සහ අසමාන ආර්ථික ප්‍රකෘතිය හේතුවෙන් රට තුළ ආදායම් සහ ධන අසමානතා තවදුරටත් උග්‍ර වී තිබේ.
ඉටු කරගත නොහැකි වූ බලාපොරොත්තු බිහිවීමට මූලාරම්භය ලෙස සැළකෙන්නේ කොවිඩ් වසංගතය සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදයයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති පිළිබඳ කණ්ඩායමේ දේශීය ආර්ථික විශේෂඥ ආචාර්ය වගීෂා ගුණසේකර පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුළ, බහුවිධ තක්සේරු කිරීම් සහ සමාකරණ මගින් අනුමාන කරන්නේ පෙර පැවති දරිද්‍රතාව අඩු කිරීමේ ජයග්‍රහණ දැන් අහිමි විය හැකිය යන්නයි.
භූ දේශපාලනික ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉහළ යන උද්ධමනය මෙන්ම වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම අභියෝග තව දුරටත් උග්‍ර වූ බව ආචාර්ය ගුණසේකර පවසයි.
මීටත් අමතරව ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස, දූෂණය සහ ජෛව විවිධත්වය නැතිවීම යන ත්‍රිත්ව අභියෝගයන්ට මුහුණ දී සිටින අතර එය වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහනයට දැඩි ලෙස පහර දෙනබව ඇයගේ අදහසයි.
“ශ්‍රී ලංකාව තරමක් ඉහළ ආදායම් විෂමතාවක් ඇති රටක්; අප සිටින්නේ ලෝකයේ ඉහළම ධන අසමානතාව සහිත රටවල් තුනෙන් එක අතරයි. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ඉහළම සියයට එකකට රටේ සමස්ත පෞද්ගලික ධනයෙන් සියයට 31ක් හිමි වන අතර, පහළ සියයට 50ට හිමි වන්නේ රටේ සමස්ත ධනයෙන් සියයට 4කට අඩු ප්‍රමාණයක් පමණයි. අපේ රට කෙතරම් අසමාන ද යන්න පිළිබඳ මෙමගින් අපට අදහසක් සපයනවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.
මේ අතර, ජනගහනයෙන් සියයට 33.4ක් ණය සම්බන්ධ අවදානම් සහ අහිමිවීම් සමඟ පොරබදමින් සිටින අතර, ජනගහනයේ ණයගැතිභාවය පිළිබඳව ද ඇය කණස්සල්ල පළ කළාය.
කොළඹදී ඊයේ පැවති ‘අපේ අනාගතය නිර්මාණය කිරීම: ආසියාවේ සහ පැසිෆික් කලාපයේ මානව සංවර්ධනය සඳහා නව මඟ පෙන්වීම්’ යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 2024 ආසියා පැසිෆික් මානව සංවර්ධන වාර්තාව එළිදැක්වීමේ ජාතික උත්සවයේදී මෙම අදහස් හුවමාරු විය.
වාර්තාවට අනුව, තායිලන්තය, චීනය, මියන්මාරය සහ ඉන්දියාව සමඟ ඉහළම ධන අසමානතාව ප්‍රදර්ශනය කරන පළමු රටවල් පහ අතර ශ්‍රී ලංකාව ද සිටී.
මෙම වසරේ ජුනි මාසය වන විට, රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4 ප්‍රතිශතයක් ගෘහ ණය විය.
ණය ලබා ගැනීම පිටුපස ඇති මූලික හේතු අතරට ආර්ථික ක්‍රියාකාරකම් (සියයට 42.5ක් ), නිවාස ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම (සියයට 32.8ක් ) සහ ආහාර, ඉන්ධන සහ අනෙකුත් ගෘහ වියදම්වල මූලික පරිභෝජනය (සියයට 19.3ක් ) ඇතුළත් විය.
පරිභෝජනය සඳහා අරමුදල් සොයන කුටුම්භ සඳහා, මූලික ණය ප්‍රභවයන් වන්නේ උකස් තැබීම (සියයට 31.1ක්), මුදල් ණය දෙන්නන් (සියයට 24ක් ) සහ බැංකු (සියයට 23.5ක්) ය.
විශේෂයෙන්ම, නාගරික ප්‍රදේශවල මූලික පරිභෝජනය සඳහා ණය ගත් කුටුම්භ ප්‍රතිශතය (සියයට 26.2) ග්‍රාමීය ප්‍රදේශවලට (සියයට 17.9) වඩා වැඩි ප්‍රතිශතයක් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart