February 3, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම පියවර හරහා ඇයට ශ්‍රීලනිපය ආධිපත්‍යය දරන පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය ලබාදීමට සූදානම්වන බව පැවැසේ.

පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා කුමාරතුංගට දැනටමත් දැනුම් දී ඇතැයි වාර්තා අනාවරණය කරයි.

පුටුව ලකුණ යටතේ පොදුජන පෙරමුණ යළි පණ ගැන්වීමට ශ්‍රීලනිපය තීරණය කර ඇත.

මෙම සන්ධානය මුලින් පිහිටුවන ලද්දේ 1994 මහ මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය පරාජය කිරීමේ පියවරක් වශයෙනි.

පොදුජන පෙරමුණ 2001 වසර දක්වා බලයේ සිටි අතර, එය නැවත එජාපය හමුවේ පරාජයට පත්විය.

අනතුරුව 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමට ශ්‍රීලනිපය පෙරමුණ ගත්තේය.

එතැන් පටන් පොදුජන පෙරමුණ ක්‍රියාකාරී දේශපාලන සන්ධානයක් නොවීය.

කෙසේවෙතත් ඉදිරියේදී පිහිටුවන නායකත්ව මණ්ඩලයක් මගින් පොදුජන පෙරමුණේ සියලු තීරණ ගනු ඇතැයි පැවැසේ.

පිළිගත් දේශපාලන පක්‍ෂවලට අමතරව විවිධ ස්වාධීන කණ්ඩායම්වලට එක්වීමට හැකිවන පරිදි එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පොදුජන පෙරමුණ පසුගියදා පැවති රැස්වීමකදී තීරණය කළේය.

42.31%
17.27%
32.76%