July 27, 2024

පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විචාරකයන්ගේ අවධානයට ලක්වූයේ ශ්‍රී ලංකා ධජය උළෙලේ ‘අලංකාරම’ ධජ අතර පවතින බව ප්‍රකාශ වීමත් සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම පැරිසියේ සයින් ගංගාව ඔස්සේ යාත්‍රාවකින් ගමන් කරන අවස්ථාවේ රූපවාහිනී නාලිකා ඔස්සේ ඔවුන්ව හඳුන්වාදෙමින් විස්තර විචාරකයෙක් ශ්‍රී ලංකා ධජයේ අලංකාරය විස්තර කළේය.

සමාරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ධජය දරන්නා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ විරේන් නෙත්තසිංහ සහ දිල්හානි ලේකම්ගේ ය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත වූයේ සයින් නදිය දිගේ දිගු හා අතිවිශිෂ්ට උත්සවයක් සමඟිනි.

Stiff Person Syndrome රෝගයෙන් පෙළෙන ප්‍රංශ-කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන් සමාරම්භක උත්සවයේ ගායිකාවන් අතර විය.

Sri Lanka flag among the “most beautiful” at Paris Olympics