Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් රට හැර යන්නේ ඔවුන් පවසන ආකාරයට වැඩි බදු නිසා නොව, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නිසා බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඉහළ බදු දරාගත නොහැකි බව පවසමින්, මේ වසර මුලදී රජය විසින් පනවන ලද උපයන විට බදු ඉහළ දැමීමෙන් අනතුරුව වෛද්‍යවරුන් විශාල වශයෙන් විදේශගත වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා සිය ණය පැහැර හැරීමත් සමඟ, රට බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බොහෝ වෛද්‍යවරුන් රටින් පිටවීම සැලසුම් කළ බවයි.
සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, මනා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් වෙනත් රටවල රැකියා සඳහා සංක්‍රමණය වීමත් සමඟ ක්ෂේත්‍රයේ පිරිහීම පැහැදිලි බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෛද්‍යවරුන් විදේශගත වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ, ඉහළ බදු අයකිරීමයි.
කෙසේවෙතත්, “වැඩි බදු නිසා වෛද්‍යවරුන් පිටව යන බව අපට පිළිගන්න බැහැ” යැයි ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පසුගියදා (26) ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
“ඔවුන් එක්සත් ජනපදයේ සියයට 50කට වැඩි බද්දක් ගෙවිය යුතුයි. ඔවුන් බ්‍රිතාන්‍යයේ සියයට 45ක බද්දක් ගෙවනවා. ඒ නිසා ඔවුන් එම රටවලදී ලංකාවට වඩා වැඩි බදු ගෙවනවා,” ඔහු පැවැසීය.
“දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඔවුන් යනවා. බදු වැඩි නිසා කියනවට වඩා ඇත්ත කියලා අයින් වෙන්න ඕන.”යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart