
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අයර්ලන්ත ඒ කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලි ශුරතාව හිමිකරගන්නා ලදී.
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමේ ඉනිම පන්දුවාර 47යි පන්දු 3කදි ලකුණු 200ට සීමාකිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 3කදී කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස්කරමින් අවසන් මහා තරගයේ ජය හිමිකරගන්නා ලදී.
එහිදි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු කඩුලු 05ක් ලකුණු 43කට බිඳවැටුණු අවස්ථාවේ පිටියේ එක්වු පවන් රත්නායක සහ මිලාන් රත්නායක 06 වැනි කඩුල්ලට ලකුණු 160ක නොබිඳුණු පිතිකරණ සබදතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ඒ පිල ජයග්‍රාහණය කරා රැගෙන ගියහ.
පවන් රත්නායක සහ මිලාන් රත්නායක නොදැවී ලකුණු 77 බැගින් රැස්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart