December 14, 2024

වසර දෙකක දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සිය අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකව අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ප්‍රකාශයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ,”අතිශයින්ම ඉහළ” සහභාගීත්වයක් වාර්තා කරමින්, නව සුරැකුම්පත් සඳහා පැහැර හරින ලද අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ISBs) හුවමාරු කරගැනීමේ සිය පිරිනැමීම සාර්ථක ලෙස අවසන් කරන බව නිවේදනය කළේය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ සාර්ථක බැඳුම්කර හුවමාරුව බැඳුම්කර හිමියන් සහ අනෙකුත් ප්‍රධාන බාහිර හවුල්කරුවන් සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීමට උපකාරී වනු ඇති බවයි.

“අපගේ අන්තර්ජාතික සහ දේශීය බැඳුම්කර හිමියන්ගේ මෙම විශ්වාසය දැකීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. පසුගිය වසර කිහිපය ශ්‍රී ලාංකීය ජනතාවට ඉතා අභියෝගාත්මක වූ නමුත් අපගේ සියලු සාමූහික ප්‍රයත්නයන් දැන් ප්‍රතිඵල ලබමින් පවතිනවා” යැයි ඔහු පවසයි.

42.31%
17.27%
32.76%