43.4%
15.4%
30.9%
September 9, 2023

විශිෂ්ටයින් බවට පත් වන්නට ශ්‍රී ලංකාවට තවත් එක්දින ක්‍රිකට් තරගයක් අවැසිය. ඔවුන් අද පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟයේදී බංග්ලාදේශය පරාජය කළහොත්, ඔවුන් මෙම ආකෘතියේ දෙවන දිගම ජයග්‍රහණ මාලාවක් ඇති කණ්ඩායම බවට පත්වනු ඇත. 2003 වසරේ තරග 21ක් ජයගත් ඕස්ට්‍රේලියානුවන් පළමු ස්ථානයේ පසුවන අතර,  ශ්‍රී ලංකාව දැනට පකිස්ථානය (2007-08 ජයග්‍රහණ 12) සහ දකුණු අප්‍රිකාව (2005 දී ජයග්‍රහණ 12 ක් සහ 2016-17 දී නැවත වරක්) සමඟ සම තත්ත්වයේ සිටී.

තරඟාවලිය ආරම්භයේදීම ශ්‍රී ලංකාව අතින් පරාජය වූ බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තේ සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමේදී දළ ලකුණු ලබා ගැනීමේ වේගයද හිසරදයක් කර නොගනිමිනි. නමුත් සුපිරි සිව්දෙනාගේ වටයේ දී පාකිස්තානය හමුවේ යළි පරාජය විය.

ෂකීබ් සහ මුෂ්ෆිකර් රහීම් කඩුලු 4කට ලකුණු 47ක සිට බංග්ලාදේශ ඉනිම යළි ගොඩනැගූ නමුත් දුර්වල පහරවල්වලට දැවී ගියහ. බංග්ලාදේශය කනස්සල්ලට පත් විය යුතු කරුණ වන්නේ ඔවුන්ගේ පහළ පෙළ කඩා වැටුණු වේගය මිස එය පළමුවරට සිදු වීම ගැන නොවේ.

සමස්තයක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා මුල් පෙළ සම්බන්ධයෙන් කරදර විය යුතු නොවේ. දිමුත් කරුණාරත්න ඔහුගේ හොඳම එක්දින වසර ගත කරන්නේ ලකුණු 514ක් ලබා ගනිමින් සාමාන්‍ය 51.40ක් ලෙසින් වන අතර ඇත්තටම කණ්ඩායමට අත්වැලක් වී ඇත්තේ පැතුම් නිශ්ශංක සමඟින් ඔහුගේ ප්‍රබල ආරම්භක සබඳතාවයයි. ඔවුන් ජූනි මාසයේ සිට ඉනිම 11කදී එක්ව ලකුණු 812ක් රැස්කරගෙන ඇත. නමුත් මැද පෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් නොවිසිඳුණු අභියෝගයකට මුහුණ දී සිටී.

බංග්ලාදේශය ඔවුන්ගේ කණ්ඩායම වෙනස් නොකරනු ඇත, නමුත් ලිටන් දාස් මොහොමඩ් නයිම් සමඟ ඉනිම ආරම්භ කිරීමේ සිට ඔවුන්ගේ පිතිකරණ අනුපිවෙල වෙනස් කිරීමට ඉඩ තිබේ. අනෙකුත් විශේෂඥ පිතිකරුවන්ට වැඩි කාලයක් සහ වගකීමක් ලබා දීම සඳහා මෙහෙදි හසන් මිරාස් අංක 8 ස්ථානයේ ක්‍රීඩා කිරීමට ඉඩකඩ වැඩිය.

බංග්ලාදේශය (ක්‍රීඩා කළ හැකි කණ්ඩායම) : 1 මොහොමඩ් නයිම්, 2 ලිටන් දාස්, 3 අෆිෆ් හොසේන්, 4 ෂකීබ් අල් හසන් (නායක), 5 තව්හිද් හ්රිඩෝයි, 6 මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), 7 ෂමිම් හොසේන්, 8 මෙහිදි හසන් මිරාස්, 9 ටස්කින් අහමඩ්, 10 ෂෝරීෆුල් ඉස්ලාම්, 11 හසන් මහමුද්

ශ්‍රී ලංකාව මූලික වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කළ 11 දෙනා සමඟම ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ බංකුවේ කුසල් පෙරේරා, දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් සිටිති.

ශ්‍රී ලංකාව (ක්‍රීඩා කළ හැකි කණ්ඩායම): 1 පැතුම් නිශ්ශංක, 2 දිමුත් කරුණාරත්න, 3 කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක, 6 ධනංජය ද සිල්වා, 7 දසුන් ශානක (නායක), 8 දුනිත් වෙල්ලාලගේ, 9 මහීෂ් තීක්ෂ්ණ කසුන් රාජිත, 11 මතීෂ පතිරණ

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් පල්ලෙකැලේට වඩා මන්දගාමී සහ පන්දුව තරමක් පහළින් පැමිණෙන තණතීරු ඇත. නමුත් පසුගිය වසර පහ තුළ ප්‍රේමදාස පිටියේ දිවා – රාත්‍රී එක්දින තරගවල පළමු ඉනිමේ ලකුණු සාමාන්‍යය 267කි. එය පල්ලෙකැලේට වඩා ඉහළ සාමාන්‍යයකි. කෙසේ වෙතත් කනස්සල්ලට කරුණ නම් වර්ෂාපතනයේ සම්භාවිතාව සියයට 68කට වඩා ඉහළ බවට පළ කෙරී ඇති අනාවැකියයි.

43.4%
15.4%
30.9%