May 2, 2024

උගන්ඩාවට එරෙහිව ලකුණු 67ක ජයග්‍රහණයක් අත්කර ගැනීමත් සමග තගාවලියේ අණසක පතුරුවමින් ශ්‍රී ලංකාව ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ A කාණ්ඩයේ අවසන් පූර්ව ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.

එම තරගය පැවැත්වුණේ අබුඩාබි හි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

නෙදර්ලන්ත කණ්ඩායමද සිය ස්ථානය තහවුරු කරගනු ලැබුවේ ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී බදාදා පස්වරුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 14ක තියුණු ජයග්‍රහණයක් සටහන් කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්මි ගුණරත්නගේ අන්තර්ජාතිකT20 ක්‍රිකට් දිවියේ හොඳම දවාලීම සහ විශිෂ්ට පන්දු යැවීම ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේ A කාණ්ඩයේ දැවැන්ත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවනු ලැබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු සහ ගුණරත්න පන්දු 45කදී ලකුණු 50ක සම්බන්ධතාවක් සම්පූර්ණ කරමින් ආරම්භ විය.

එම සබඳතාව බිඳ වැටුණේ පන්දු 21කින් ලකුණු 24ක් ලබා සිටි අතපත්තු දවාගැනීමට Jannet Mbabazi සමත්වීමත් සමගය.

ඉන් ටික වේලාවකට පසු හර්ෂිතා මාධවී දුවද්දී දැවී ගිය නමුත් අංක හතරේ පසුවූ හසිනි පෙරේරාගේ සහාය විශ්මි ගුණරත්නට හිමිවිය.

ගුණරත්න පන්දු 51කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර අනෙක් අන්තයේ ආක්‍රමණිකයා වූයේ පෙරේරාය.

අවසානයේ ඇය 18 වැනි ඕවරයේදී පන්දු 24කදී ලකුණු 30කට දැවී ගියාය.

ගුණරත්න පන්දු 64කදී නොදැවී ලකුණු 73ක් රැස්කරමින් පන්දුවාර 20කදී ශ්‍රී ලංකාව ලකුණු 154/4ක් දක්වා රැගෙන ගියේ T20 තරගවලදී ඇයගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමිනි.

හඹා යෑමේ දී ශ්‍රී ලංකාව නොබෝ වේලාවකින් උගන්ඩාවට එරෙහිව අණසක පතිරවුයේ ඔවුන් පවර්ප්ලේ තුළ 22/2 දක්වා සීමා කරමිනි.

ඉනෝකා රණවීර පවර්ප්ලේ අවසන් වූ වහාම ප්‍රහාරයට අවතීර්ණ වූ අතර පන්දු දෙකකදී කඩුලු දෙකක් දවාගනිමින් උගන්ඩාව 22/4කට සීමා කළාය.

වමතින් මැණික් කටුව කරකවමින් දඟ පන්දු යවන ශෂිනි ගිම්හානි ද සිය පළමු ඕවරයේදීම කඩුල්ලක් දවාගනිමින් පන්දුවාර 10ක් ඇතුළත ලකුණු 35ක් ලබා සිටි උගන්ඩා පිලේ කඩුලු සංඛ්‍යාව 5ක් බවට පත්කිරීමට දායක වූවාය.

උගන්ඩාව වෙනුවෙන් Prosscovia Alako පන්දු 32කදී ලකුණු 36ක් ලබා ගත්තද එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවිණි.

කවිෂා දිල්හාරි අවසන් ඕවරයේදී පිට පිට පිටම අවසන් කඩුලු දෙක දවාගත් අතර උගන්ඩාව ලකුණු 87කට දැවී ගියේ ශ්‍රී ලංකාවට සතුටුදායක ජයග්‍රහණයක් ලබා දෙමිනි.

තරගයේ වීරයා වූයේ විශ්මි ගුණරත්නයි.

ලකුණු 67ක එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ තරග තුනකින් ජයග්‍රහණ 3ක් සමඟින් තරගාවලියේ අපරාජිත ගමනක යෙදී සිටී.