Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු සහ රග්බි විනිසුරු සංගමය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා පාසල් රග්බි තරග වාරය ලබන සතියේ යළි ආරම්භ කිරීමට නියමිතය.
විද්‍යා විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති තරගයකදී විනිසුරුවන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ලබන සතියේ සිට විනිසුරුවන් අඛණ්ඩව කටයුතු කිරීමට එකඟවී තිබේ.
ඒ අනුව ක්‍රීඩා තරඟවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සමඟ එක්ව විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මීට අමතරව, විනිසුරුවන්ට සහාය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය තවත් තාක්ෂණික උපකරණ ලබාදීමට නියමිතය.
ක්‍රීඩා තරඟවලදී විනිසුරුවරුන්ගේ වැදගත්කම පිළිබඳව පාසල් දැනුවත් කිරීමටද නියමිතය.
මීට පෙර, ජූනි 30 වැනි දින විද්‍යා විද්‍යාලයේ ආධාරකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන් 2024 ජූලි 15 දක්වා තරග විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබිණි.
මෙම තීරණය පාසල් රග්බි ලීගය 2024 යටතේ පැවැත්වෙන මෙම සතියේ තරඟ කල්දැමීමට හේතු විය.
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා විනිසුරුවන්ගෙන් සමාව ඉල්ලා ඇත.
විනිසුරුට පහරදීමේ චෝදනාවට ලක්ව සිටින විද්‍යා විද්‍යාලය සම්බන්ධයෙන් පාසල් රග්බි සංගමය තීරණයක් ගන්නා බවද ඇමැති හරීන් ප්‍රනාන්දු සඳහන් කර තිබේ.
ඔහු අවධාරණය කර ඇත්තේ, විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩකයන්ට තරගවලට සහභාගි වීම තහනම් කරමින් දඬුවම් නොකර මෙම තීරණය ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart