October 12, 2024

ප්‍රමුඛ පෙළේ අපරාධ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව මෙම විමර්ශනවලට ඇතුළත් වන්නේ:

1. මහබැංකු බැඳුම්කර මගඩිය (2015)

2. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය

3. ජනමාධ්‍යවේදී ඩී.පී.සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය. (අප්‍රේල් 28, 2005)

4. ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීම (දෙසැම්බර් 9, 2011)

5. 2006 දී උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදහන් වීම

6. දිනේෂ් ෂාෆ්ටර්ගේ සියදිවි නසාගැනීම යැයි කියන සිදුවීම

7. වැලිගම W15 හෝටලයෙන් පිටත වෙඩිතැබීම

42.31%
17.27%
32.76%