December 12, 2024

කතානායක අශෝක සපුමල් රන්වල සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කරයි.

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනාත්මක කතාබහක් ඇතිවී තිබේ.

එම විවේචනවලට පැහැදිලි පිළිතුර ලබාදීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා සඳහන් කර ඇත.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා ප්‍රකාශයන් නිකුත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා(10) ප්‍රකාශ කළේය.

මේ අතර කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.

42.31%
17.27%
32.76%