
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ ප්‍රකාශ ශ්‍රව්‍ය දෘශ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීම හෙට (20) සිට ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර අටක් සඳහා තහනම් කරන බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න නිවේදනය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සිදුකරන ප්‍රකාශ ආන්දෝලනාත්මක වීම හේතුවෙන් මාර්තු 20, 21, අප්‍රේල් 8, 9, 10, මැයි 6, 7 සහ 8 යන දිනවල පැවැත්වෙන සැසිවාරවලදී ඔහු සිදුකරන ප්‍රකාශ සජීවීව විකාශය කිරීම තහනම් කරන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතික සමගියට සහ සංහිඳියාවට අහිතකර බවට කථානායකවරයා විසින් සළකනු ලැබූ මන්ත්‍රීවරයා විසින් කරන ලද අවමන් සහගත සහ අපහාසාත්මක ප්‍රකාශවලට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් කරන ලද අවමන් සහගත සහ අශෝභන ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන බව කථානායකවරයා ප්‍රකාශ කළේය.
තවද මෙම කාලසීමාව තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම මත මෙම තාවකාලික තහනම ඉවත් කරන්නේද යන්න සලකා බලන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart