Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන නියාමනය නොකළ ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින මතභේද මධ්‍යයේ උණවටුන, හබරාදූව සහ අහංගම යන ප්‍රධාන සංචාරක නගර ආවරණය වන පරිදි හබරාදූව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරුන් පසුගිය සතියේ ගෙයින් ගෙට ගොස් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම සඳහා සමාගම්වල ලියාපදිංචි තොරතුරු රැස් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විරෝධයක් ඇතිවීමේ අවදානම තුරන් කිරීම සඳහා පරීක්ෂකවරුන් පොලිසියේ සහයද ලබාගෙන ඇත.
“මෙම විලා ක්‍රියාකරුවන්ගෙන් සමහරක් ගේට්ටු අරින්නේ නැහැ,සංචාරක පොලිසිය සිටීම සහයක් වුණා” යනුවෙන් එක් අයෙක් පැහැදිලි කළේය.
රටට ලැබෙන බදු ආදායම අහිමි කරමින් විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධී හෝ නීතියේ සීමා මායිම්වලට හානි සිදු කරන ව්‍යාපාර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි වාර්තා එකතු කරන ලෙස මාර්තු 6 වැනි දින පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී උපදෙස් ලබා දීමෙන් පසුව ආදායම් පරීක්ෂකවරුන් මෙම සංචාරයන් සිදු කර තිබේ.
යෝගා ඉගැන්වීම, සර්ෆ් කඳවුරු, DJ සේවා, ඡායාරූපකරණය, නවාතැන්, කැෆේ වැනි ව්‍යාපාර කරන සංචාරක වීසා මත සිටින සංචාරකයන් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී.
එසේම එය සංක්‍රමණ නීතිය උල්ලංඝනය කිරීමකි.
පවතින තත්ත්වය මත පෙනී යන්නේ දේශීය ව්‍යවසායකයන් ද වැඩි වැඩියෙන් පසුබසිමින් සිටින බවයි.
සමාගම් ලියාපදිංචි කිරීම්වලට අමතරව හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ව්‍යාපාර ලියාපදිංචිය සඳහා ඒවායෙහි ලිපිගොනු සෙවීමට උපදෙස් දී ඇත.
“විදේශිකයන්ගේ නමින් තිබු ව්‍යාපාර ලියාපදිංචි කිරීම් තුනක් අපට හමු වුණා,” හබරාදූව ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර පැවසීය.
“අපි එකතු කරන්නේ ඉඩම් හිමිකම සහ ව්‍යාපාරයේ ස්වභාවය පමණයි, ඒ අනුව අපට වෙනත් ආයතනවලින් වැඩිදුර අනුමැතිය සහ නිර්දේශ අවශ්‍ය වෙන්න පුළුවන්.මෙම ආයතන පිහිටුවන ලද්දේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා හරහා නම්, ගෙයින් ගෙට ගොස් තොරතුරු ලබා ගත යුත්තේ ආදායම් පරීක්ෂකවරුන්.” ඔහු තවදුරටත් පැවසීය.
එවැනි සමාගම්වල හවුල්කාරිත්වය ඇති විදේශිකයන්ට ද්විත්ව පුරවැසියන් විය හැකි හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට හෝ සේවාවක් සැපයීමට ඉඩ සලසන නේවාසික වීසා හෝ රැකියා බලපත්‍ර තිබිය හැකි බව ඔහු පැහැදිලි කළේය.
ඔවුන්ගේ සුදුසුකම් පෙන්වීමට ඔවුන්ට සහතික තිබිය යුතු වන අතර නිදසුනක් ලෙස, රළ පැදීමේ පුහුණුකරුවකුට අන්තර්ජාතික බලපත්‍රයක් අවශ්‍ය වේ.
මෙම අංශය නියාමනය කිරීමේදී මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ තොරතුරු හිඟකම බව නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට තොරතුරු රැස් කිරීමට සහ දැනුම් දීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඔවුන්ට සති දෙකක කාලයක් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart