Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
නීතිවිරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි තමන් පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව කළ දැනුම්දීමකට අනුව මෙම පත්වීම් අවලංගු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල්දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිට බලාත්මක බැවින් එම පත්වීම් නීතිවිරෝධී බව තමන් පෙන්වා දුන් බව ද සභාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයන්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පසුගියදා පැමිණිලි ඉදිරිපත් කළේය.
කෙසේවෙතත් තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් ලබාදුන් එවැනි පත්වීම් අවලංගු කළ බව මෙතෙක් දැනුම් දී නොමැති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart