December 14, 2024

දකුණු කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති යූන් සුක් යෙයෝල්ට එරෙහි දෝෂාභියෝගයක් සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඒ, සෝල් අගනුවර වීථිවලට රැස්ව දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන්ගේ ඔල්වරසන් මධ්‍යයේ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ට සිය ධූරය අහිමි වනු ඇත.

අගමැති වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලබන බව සඳහන් වේ.

කෙසේවෙතත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් තීන්දුවක් දීමට ව්‍යවස්ථාපිත අධිකරණයට මාස 06 ක කාලයක් හිමිවේ.

පසුගිය සතියේ කෙටි කාලීන යුධ නීති ප්‍රකාශයකින් රට දේශපාලන කැලඹීමකට ඇද දැමූ යූන් දෝෂාභියෝගය සඳහා වූ යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 204ක් අනුමැතිය ලබාදුන්හ.

42.31%
17.27%
32.76%