September 12, 2024

දකුණු ආසියානු කණිෂ්ඨ වේගවත්ම ධාවකයා වීමට මෙරෝන් වි⁣ජේසිංහ සමත්ව තිබේ.

ඒ ඉන්දියාවේ චෙන්නායිහි පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රිඩා ශුරතාවලියේ මීටර් 100 රන් පදක්කම ජයග්‍රහණය කරමිනි.

ඔහු එහිදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10 දශම 41කින් නිමකළේ නව තරග වාර්තාවක් සහ එම ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ වාර්තාවක්ද තබමිනි.

පිරිමි මීටර 100 ඉසව්වේ රිදී පදක්කම ද දිනෙත් ඉදුවර විසින් ශ්‍රී ලංකාව හිමිකර දුන් අතර, එහිදී ඔහු තත්ත්පර 10 යි දශම 49ක දක්ෂතාවක් දක්වන ලදී.

දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා මිටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම ෂනෙලා සෙනෙවිරත්න හිමිකරගත් අතර ඇය එහිදි තරගය තත්ත්පර 12 යි දශම 12කින් නිමකළාය.

මීටර 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම සවිදු අවිශ්ක විසින් ජයගත් අතර ඔහුගේ තරග නිමිකාලය විනාඩි 1යි තත්ත්පර 49 යි දශම 83ක්.

කාන්තා මීටර් 800 ඉසව්ව විනාඩි 2යි තත්ත්පර 10යි දඹ 17කින් නිමකළ තරුෂි අහිෂේකා එම ඉසව්වේ රන් පදක්කම ජයගැනිමට සමත් වූ අතර, විනාඩි 2යි තත්ත්පර 12යි දශම13කින් තරගය නිමකළ සන්සලා හිමාෂිනිට මිටර 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවිය.