April 1, 2025

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ කිතුල්, කාර්මිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙහිදී කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියැලී සිටින කාර්මිකයින් ජීවිතය පරදුවට තබමින් කිතුල්,පොල් සහ තල් ගස්වල නැග තම කර්මාන්තය කර ගෙන යෑමේ දී විවිධ අනතුරුවලට ලක්වීම පිළිබදව සළකා බලා, එවැනි අවස්ථාවන්හි දී ඔවුන්ගේ පිළිසරණය වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ රු.500,000/-,රු.1,000,000/-සහ 2,000,000/- යන රක්‍ෂිත ආවරණ, මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර, තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මඟින් රෝහල් ගතවීමේදීද රක්‍ෂණ ආවරණ ලබාදෙනු ලබයි.

මෙම රක්‍ෂණ ආවරණ රු.2000/-, රු.4000/- සහ රු.8000/- වැනි ඉතා සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ ඉහත සඳහන් රක්‍ෂණ හිමිකම් සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.