
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පියාගේ ලොරි රථය අලුත්වැඩියා කරන මුවාවෙන් රැගෙන ගොස් ලොරි රථයත් සමග තමා පැහැරගෙන ගොස්, එය නිදහස් කිරීම සදහා රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් අවශ්‍ය බව දන්වා, පසුව අත්අඩංගුවට ගත් සැකකාර පුත්‍රයකු සමග තවත් පුද්ගලයන් දෙදෙනකු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් රුසන්කා සමරනායක නියම කර ඇත.
මාකොළ-දකුණ පදිංචි 19 හැවිරිදි ළාබාල තරුණයකු සමග නාතුඩුව හා කොට්ටාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙහිදී සපුගස්කන්ද පොලිසියෙ අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සදහන් කර ඇත.
“ඉකුත් 04 වැනිදා සැකකාර පුතා විසින් පියාට අයිති ලොරි රථය අලුත්වැඩියා කරන මුවාවෙන් රැගෙන ගොස් තිබෙනවා. පසුව සැකකාර පුතා විසින්ම ලොරි රථය හා තමා පැහැරගෙන ගිය බවට සදහන් කරමින්, එය නිදහස් කිරීම සදහා රුපියල් ලක්ෂ 20 ක කප්පමක් අවශ්‍ය බවට දන්වා ඔහුගේම ජංගම දුරකතනයෙන් මවුපියන්ට දැනුම්දී තිබෙනවා.
එම සැකකාර පුතා විසින් ලොරි රථය රැගෙන යන විට ලොරි රථයේ ලියාපදිංචි පොත හා පියාගේ ජාතික හැදුනුම්පතද රැගෙන ගොස් තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳව සැකකාර පුතාගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ අනුව පොලිසිය විසින් අවට සී.සී.ටී.වී. කැමරාවල රූපරාමු නිරීක්ෂණය කොට එම ලොරි රථය මාකොළ-දකුණ ප්‍රදේශයේ වාහන මිලදී ගන්නා හා අලෙවි කරන පෞද්ගලික ආයතනයක තිබී සොයාගත්තා. එහිදී එම ආයතනයේ හිමිකරු පැවසුවේ සැකකාර පුතා, ඔහුගේ පියා බව කියන අයෙකු සමග පැමිණ ලොරි රථය ලියාපදිංචි පොත සමග උකස් කර රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගත් බවයි. එම මුදල සැකකාර පුතා විසින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයිමේ ගිණුමකට බැරකර තිබෙන බවට සැකකාර පුතා කීවා. තවද මේ සිද්ධියේදී ඔවුන්ට රැකවරණය ලබාදුන් පුද්ගලයකු ද අත් අඩංගුවට ගත්තා.”
ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමුකළ වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් මේ මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart