September 8, 2024

පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් හමුදා සෙබළියක පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොළ ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.

පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට යතුරුපැදියකින් පැමිණෙන අවස්ථාවේ තමන්ගේ භාර්යාව පැහැරගෙන ගොස් ඇති බවට පාලවිය ගුවන් හමුදා කදවුරේම සේවය කරන අයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම ගුවන් හමුදා සෙබළිය පැහැරගෙන යෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ, චීන වරාය ගුවන් හමුදා කදවුරේ සෙබළකු හා ඔහුගේ පියා ය.

පැහැරගෙන ගනු ලැබු ගුවන් හමුදා සෙබළිය ඔවුන්ගෙන් මිදී පළාවිත් පුත්තලම පොලිසිය හමුවේ පවසා ඇත්තේ, තමන් යතුරු පැදියෙන් ගමන් කරමින් සියදී කාර් රථයකින් මාර්ග හරස් කොට මුහුණට ලේන්සුවක් අල්ලා සිහිසුන් කොට පාළු නිවසට රැගෙන ගොස් ඇති බවත්, පසුව එයින් මීදී පළා ආ බවත්ය.(ලංකාදීප)