Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උපකාර පන්ති ක්ෂේත්‍රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20,000 ක අසීමිත මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළිවී ඇති හෙයින් එම ක්ෂේත්‍රය වහාම නියාමනයට මෙන්ම බදු දැලට ද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.
අදාළ විෂයයන් අසමත් වූ විවිධ අය ද උපකාර පන්තිවල උගන්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පැවැසූ මහාචාර්යවරයා එවැන්නන් උපකාර පන්ති පැවැත්වීම අපරාධයක් බව ද සඳහන් කරයි.
උපකාරක පන්ති ක්ෂේත්‍රය පැහැදිලිවම නියාමනය විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
උපකාර පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සොයාබැලිය යුතු බවත්, ඔවුන් කුමන හෝ ස්ථානයක ලියාපදිංචි කළ යුතු බවත් මහාචාර්යවරයා පෙන්වාදෙයි.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් පැවරෙන බව ද හෙතෙම අවධාරණය කරයි.
එසේ නොකළහොත් පාසල් අධ්‍යාපනය උපකාර පන්තිවල ගොදුරක් බවට පත්වී බිඳවැටිය හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart