Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශගත ශ්‍රමිකයන් නීත්‍යනුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවැසුවේය.
මෙම වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා අවස්ථා තුනකදී දැනුම්දී ඇති නමුත්, උපන්දා සිට මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බවත් අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ඇමතිවරයා එහිදී මෙසේද පැවැසීය.
“අපි මේ රට භාරගත්තේ රටේ ඩොලර් සංචිත පහළටම වැටිල තිබුණ අවස්ථාවකයි. දේශපාලන පක්ෂවල නායකයෝ රටට සල්ලි එවන්න එපා කියලා ව්යංගයෙක් කියලා ඒ වගේම සල්ලි එව්වේ නැත්තම් මේ රට වට්ටන්න පුළුවන් කියන කාරණය පැහැදිලිව කියලා සල්ලි රටට එවන එක නවත්වලා උන්ඩියල් හරහා සල්ලි ගෙන්වන්න ලෑස්ති කරලා රට වට්ටපු වෙලාවක අපි කිව්වා ඩොලර් එවන්න කියලා. එහිදී අපි කිව්වා ඩොලර් මිලියන 500ක පංගු කාරයෙක් වෙන්න කියලා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලපු වෙලාවේ අපේ විදේශගත ශ්‍රමිකයන් ඉතාම ධනාත්මක විදිහට ප්‍රතිචාර දැක්වූවා.” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.
“අපිට මුලින්ම සල්ලි බැංකු හරහා එවන්න කියලා කියන්න දැන්වීමක් හදන්නවත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ අපේ හිතවතුන්ගේ පෞද්ගලිකව සල්ලි ටිකක් එකතු කරගෙනයි පළමුවෙන් දැන්වීම් ටික හදලා ඒ වඩා පළකරලා රටට බෙහෙත් ටික ගන්න, තෙල් ගහන්න, දරුවට කිරිපිටි එක ගන්න පුළුවන් වෙන්න සල්ලි එවන්න කියලා ඉල්ලුවා. ඒ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමිකයෝ අර දේශපාලන මතවාදවලට අහුවෙන්නේ නැතිව රටට සල්ලි එව්වා. එහිදී රට ඇතුළට සල්ලි එවීමේදී විදේශගත ශ්‍රමිකයන්ට නිසි ගෞරවයක් ලබාදීම සිදුකරන්න වුණා. ඒකට විශාල වැඩපිළිවෙළක් දියත් කරන්නත් වුණා. මේ ව්‍යපෘති සඳහා අපිට සහය ලබා දුන්න අමාත්‍යංශයේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යංශය, රට මේ තැනට ගෙන එන්න විශාල සහයක් ලබා දුන්නා. එහිදී තානාපති සේවයේ ඉන්න අපේ නිලධාරීන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. බැංකුත් ඒ සඳහා අපිට උදව් කළා. විදේශ රටවලුත් අපිට සහයක් දුන්නා. එහිදී අපේ ශ්‍රමිකයන් ඔවුන් ගත්තා. අපේ ශ්‍රමිකයන්ට ඉඩකඩ හදලා දුන්නා. ඒ ඔස්සේ අපිට හිමි අවස්ථා පුළුල් කරලා දෙන්නත් කටයුතු කළා. ඒ නිසාම මැදපෙරදිග ඇතුළු සියලුම රටවලට අපේ ස්තූතිය පුද්කරන්න කැමතියි. අන්තර්ජාතික කම්කරු සංවිධානය ඒ වගේම අයි.ඕ.එම්. ආයතනය ඇතුළු ආයතනයවලටත් අපි අපේ ස්තූතිය පළකරනවා.” යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
“විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගන්න අපි ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍රක්‍රමයක් හදුන්වාදුන්නා. එතනදි අපි දළ වශයෙන් විද්‍යුත් වාහන නවසීයකට ආසන්න සංඛ්‍යාවකට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් රටට ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම ණයවර නිකුත් කිරීම දීර්ඝ කරන්න තියෙනවා,ඒත් ජනාධිපතිතුමා ඉල්ලීම් කරලත් මහා භාණ්ඩාගාරය තවමත් ප්‍රතිචාර දක්වලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙ කාලයෙත් මහා භාණ්ඩාගාරය ඇතුළේ හිටියෙ එකම නිලධාරීන් පිරිසක්. උපන්දා සිට මහා භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම ආචාර්ය කපිල සේනානායක කියන කෙනා. ඇත්තටම ඔය ආර්ථිකය වැටුණා කියන කාලයෙත් හිටියේ මේ අයමයි. ඒ අය තවමත් රටට අත්‍යාවශ්‍ය වෙලාවේ රටට ඩොලර් මිලියන ගණනක් ගෙන්ලා තියෙන මිනිස්සුන්ට දීපු මේ ප්‍රතිලාභය විශේෂයෙන් මේ වාහනය ගෙන ඒමට අදාළ ණයවර ලිපිය විවෘත කරන එකේ දිනය දීර්ඝ කිරීමට කල් අරගන්නවා” යනුවෙන් ඇමැතිවරයා චෝදනා කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “අපි දන්නේ නැහැ මේ අයගේ දේශපාලන මත මොනවාද කියලා. අර රටට සල්ලි එවන්න එපා කියපු අය වගේම රට වට්ටන්න වුවමනාවක් තියෙන අයද කියලත් ජනාධිපතිතුමාත් අපි සියලුදෙනාමත් අපි අවධානය යොමු කළයුතුයි. මේ වගේ නිලධාරින් එක්ක රට අමාරු තත්ත්වයකට වැටිල ඉන්න අවස්ථාවක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලත් අවධානය යොමු කළයුතුයි. ගුවන්තොටු පොළේ දී අපි විදේශගත ශ්‍රමිකයන් එවල ලද මුල් ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. එහිදී වැඩියෙන් මුදල් එව්වා නම් වැඩියෙන් තීරු බදු සහන ලබාදෙන්නත් එහිදී තීරණය කළා. හැබැයි මේවා කැබිනට් එක අනුමත කරලා කැබිනට් එක ගැසට් එකත් ගහල තියෙද්දිත් තවමත් රේගුවට මේ බදු සහනය ලබා දෙන්න බැරිවෙලා තියෙනවා”යනුවෙනි.
ලබන වසරේ නව රැකීරක්ෂා පනත හඳුන්වා දෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
“අනාගත ලෝකය ගැළපෙන නීතී හදන්නයි මේවා ඇති කරන්නේ. පනත් 13ක එකතුවක් තියෙන්නේ. අපි සැසිවාර රැසක් තියලයි මේවා කළේ. මේ පනත මගින් අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ප්රඥප්ති බලාත්මක කරන්නත් හැකියාව ලැබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතත් සංශෝධනය කරලා අවසන් අදියරේ තියෙන්නේ. ජාතික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය යාවත්කාලීන කළා. ශ්‍රම වෙළෙඳපොළ සංවර්ධන ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. දෙසැම්බර් අවසන් වෙනකොට ඒක ජනාධිපතිවරයාට ලබාදෙන්නත් අපි බලාපොරොත්තුවෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවට ඩිජිටල්කරණය හඳුන්වා දෙනවා. නව තොරතුරු පද්ධතියක් හඳුන්වා දීලා සියලුම ආයතන සම්බන්ධ කරපු ජාතික තොරතුරු පද්ධතිය මේ වසරේදී පටන් ගන්න පුළුවන්. ඒකට අදාළ ටෙන්ඩර් කටයුතු තමයි මේ දවස්වල ක්‍රියත්මක වෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණය කරනවා. එමගින් මිනිස් ජවාරම් වැළක්වීමට, උණ්ඩියල් නවත්වන්න, ශ්‍රමිකයින් ඉන්න තැන් බලාගන්න හැකිවෙන විදිහට ඒක සකස්වෙනවා. රටේම ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂාව සහ සුබාසාධනය ඇතිකරන්න කටයුතු කරනවා. එහිදී වන්දි ගෙවීම් වගේ දෙවල් ඇතුළත් වෙනවා. උතුරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ඇති කරන්න යනවා. නැගෙනහිරටත් ඇතිකරන්න කටයුතු කරනවා.” යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart