42.31%
17.27%
32.76%
October 4, 2023

වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවැසීය.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ රාජ්‍ය ඇමැතිවරයා පවසා සිටියේ, පෞද්ගලික වාහනවලට අදාළ එච්එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවැසීය.

“පැවති විදේශ විනිමය හිඟතාවය සහ අත්‍යාවශ සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය හින්දා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කළා. සමහර දේවල් තහනමකට ලක්කිරීමක් සිදුකළා.

ඒ අනුව විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වුණා. එතකොට ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති වුණා ඒ හරහා.

මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළදී විශේෂයෙන්ම මේ පුද්ගලික වාහනවලට අදාළව එච්එස් කේත 304කට අදාළ වන සීමාකිරීම් හැර අනෙකුත් සීමා කිරිම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී පුද්ගලික පරිභෝජනය සඳහා වන මේ වාහනවලට අදාළව එච්එස් කේත 304 හැර අනෙක් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා.

ඒ තුළ අනෙකුත් භාණ්ඩ සඳහා එච්එස් කේත 299කුත් ඒවගේම විශේෂයෙන්ම එච්එස් කේත 67ක් අදාළ වෙනවා වාණිජ වාහන සඳහා. එ්කේදි මුලදි ගත්ත ක්‍රියාමර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කළා.”

42.31%
17.27%
32.76%