June 19, 2024

ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම අද යළි දිවයිනට පැමිණියහ.

ඔවුන් ආපසු පැමිණීමෙන් පසු ජනමාධ්‍යවේදීන් අමතමින් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග, තරඟාවලියේ ක්‍රිකට් කණ්ඩායම දැක්වූ දුර්වල දස්කම් ගැන අදහස් පළකරමින් සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේය.

වත්මන් කණ්ඩායමට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වන විවේචන පිටුපස ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බව හසරංග එහිදී පැවැසීය.

“අපි දන්නවා මේ පොස්ට් පිටුපස ඉන්නේ කවුද කියලා. සමාජ මාධ්‍යවල වැඩි ප්‍රතිචාර ලබාගන්න එවැනි විවේචන පළකරන සමහර අය ඉන්නවා. මේක පිටිපස්සේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝත් ඉන්නවා. අපිට සමාජ මාධ්‍ය ගැන කිසිම දෙයක් කරන්න බැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

හසරංග වැඩිදුරටත් පැවසුවේ කණ්ඩායම ඔවුන්ගේ අඩුපාඩු සපුරාලීමට සහ ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන්ට සාධාරණය ඉටුකිරීම සඳහා දක්‍ෂතා වැඩිදියුණු කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.