May 5, 2024

පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා සමඟ තම බිරිඳගේ පවතින අනියම් සම්බන්ධය දැනගත් යුද හමුදා සෙබළකු විසින් පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට (OIC) සහ බිරිඳට පහරදීමෙන් බරපතළ තුවාල ලබා ඇත.

පොලිසිය පැවසුවේ, ස්ථානාධිපතිවරයා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, කාන්තාව ප්‍රතිකාර සඳහා මහියංගන රෝහලට රැගෙන ගිය බව ය.

තුවාල ලැබූ 52 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් ස්ථානාධිපතිවරයා සෙබළාගේ බිරිඳ සමඟ කලක පටන් අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

සෙබළා නැති අතරවාරයේ දිනක් රාත්‍රියේ පොලිස් ස්ථානාධිපතිවරයා කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේදී රහසේ නිවසට පැමිණි සෙබළා තම බිරිඳ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ සිටිනු දැක පසුව ඔවුන්ට පහර දී තිබේ.

සිද්ධියෙන් පසු සෙබළා මහියංගන පොලිසියට භාරවී ඇත.

මෙම සෙබළා දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයෙකු බව පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%