January 31, 2025

ළමා සියදිවි නසාගැනීම් ඉහළ යෑමට සමාජ මාධ්‍ය භාවිතය බලපා ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පවසයි.

එහි සභාපති, ප්‍රජා වෛද්‍ය උපදේශක විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසන්නේ, 2024 වසරේ ළමා සියදිවි නසාගැනීම් 200කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

“2022 වසරේ අවුරුදු 18ට අඩු ළමුන් 133ක් සියදිවි නසාගෙන තිබෙනවා. නිල නොවන දත්තවලට අනුව, පසුගිය වසරේ එම සංඛ්‍යාව 270 ක්. මෙම සිදුවීම් සඳහා විවිධ හේතු තිබෙනවා. එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගත හැකි එක් පියවරක් වන්නේ, සමාජ මාධ්‍ය යම් ආකාරයකින් තහනම් කිරීමයි. රටක් වශයෙන් කළ හැකි දේ පිළිබඳව අපි තොරතුරු රැස්කර තිබෙනවා. සතියක් දෙකක් ඇතුළත වැඩි විස්තර හෙළිකිරීමට බලාපොරොත්තු වෙනවා.”

සමාජ මාධ්‍ය දරුවන්ට යහපත් මෙන්ම අයහපත් බලපෑම් ඇතිකරන බව ද ඔහු පෙන්වාදෙයි.

සමාජ මාධ්‍ය භාවිතය වඩා හොඳින් නියාමනය කිරීම සඳහා නිර්දේශ හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ද විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

Sri Lanka Latest Breaking News and Headlines - Print Edition World Suicide Prevention Day 2022 Life's problems can be resolved, but you need to live first - Daily Mirror

42.31%
17.27%
32.76%