Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලීය සේවකයන් විසින් සමාජ ජාල වෙබ් අඩවි හා මෘදුකාංග පරිශීලනය කළ යුතු ආකාරය පිලිබදව සංශෝධනයක්චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම හා විනය ක්‍රියාපටිපාටිය සදහා නව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලීය නිළධාරීන් හෝ සේවකයන් විසින් සමාජ ජාලා වෙබ් අඩවි, මෘදුකාංග පරිශීලනයේදී, ලංවිම විනය නීති පටිපාටි උල්ලංඝනය නොකිරීම හා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිරූපය ආරක්ෂා වන පරිදි ඒවා පරිශීලනය කළයුතු බව එම චක්‍රලේඛයේ සදහන් කර තිබේ.
විවිධ අවස්ථාවලදී ඇතැම් ලංවිම නිලධාරීන් හෝ සේවකයන් ලංවීම ප්‍රතිරූපයට හානිවන අන්දමින් සමාජ මාධ්‍ය පරිහරණය කළ අවස්ථා වාර්තා වී ඇති බැවින් පහත කරුණු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව එහි දක්වයි.
එම නිර්දේශයන් මෙසේ වේ.
– සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි වෙත නිල නිවේදන පළකිරීමේ අයිතිය පවතින්නේ ලංවීම සභාපති සාමාන්‍යාධිකාරී විසින් බලය පවරන ලද නිළධරයන්ට පමණක් වීම.
– කළමණාකරණ තීරණ ගැනීම සඳහා යොමුකෙරෙන ආයතනිය අභ්‍යන්තර රාජකාරී ලිපි ලේඛන හා තොරතුරු බාහිර පාර්ශවයන් වෙත පත්කිරීම තුළින් ඒවා සාවද්‍ය පරිහරණය හෝ වැරදි අයුරින් අර්ථ නිරූපණය කිරීම හේතුවෙන් ලංවීමට වන අගතිය පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතු අතර එවැනි ක්‍රියාවලින් වැළකිය යුතුය වීම.
– සමාජ මාධ්‍යය ජාල, වෙබ් අඩවි භාවිත කරන්නකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු භාවිත නොකළ යුතුය.
එසේම, ලංකා විදුලිබල මණ්ඩලයේ විනය නීති පටිපාටියේ බරපතල වැරදි ලෙස,
– මණ්ඩලය සතු රහස්‍ය තොරතුරු හෙළිකිරීම
– අපහාසාත්මක,අසත්‍යය,කාමුක, දේශපාලනික හෝ ඒ හා සම්බන්ධ වෙනත් කරුණු මහජනතාව නොසන්සුන් කළ හැකි සාවද්‍ය පුවත් බෙදාහැරීම
– ආයතනය අපකීර්තියට පත් කරවන ප්‍රකාශ සිදුකිරීම.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart