Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සබන් සහ නූඩ්ල්ස් ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.
එසේම 1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වීමද මෙහිදී සිදුවිය.
මේ සඳහා අනුමැතිය හිමිවූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
පෙර පැවැති කාරක සභා සාකච්ඡාවලදී සබන් නිෂ්පාදනය සඳහා සබන් සහ නූඩ්ල්ස් ආනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර, සමාගම් කිහිපයක් පාම් ඔයිල් මේද අම්ල ආනයනය කරන බවත්, මෑතක දී රේගු බදු වෙනස් කිරීම හේතුවෙන් මේ සඳහා 24% ක් අයකරන බවත් මෙහිදී අනාවරණය විය.
මේ අතර ඇතැම් සමාගම් මේ වන විට සබන් සහ නූඩ්ල්ස් නිෂ්පාදනය සඳහා අඩු බදු අනුපාත යටතේ පැල්මිටික් සහ ලෝරික් අම්ල ආනයනය කරන බවද මෙහිදී හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ (ITISL) වාර්තාව අනුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරන පරිදි, සබන් සහ නූඩ්ල්ස් හා සසඳන විට පැල්මිටික් සහ ලෝරික් අම්ල යොදාගෙන සබන් නිෂ්පාදනය කිරීමේ විශාල තාක්ෂණික ආයෝජනයක් හෝ වෙනසක් නොමැති බවද සඳහන් විය.
මේ අනුව, සබන් සහ නූඩ්ල්ස් සෘජුවම ආනයනය කරනවාට වඩා සැළකිව යුතු අඩු මුදලකට අම්ල ආනයනය කිරීම මගින් අදාළ ආයතන වංචාවන් සිදුකරනවාද නැද්ද යන්න සොයාබැලිය යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කරන ලදී.
ඒ අනුව, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තාව තහවුරුකොට කාරක සභාව වෙත ලබාදෙන නිර්දේශ කර ඇත.
එසේම බදු සංශෝධනය මගින් උපයන මාසික ආදායම පිළිබඳවත්, වෙළඳපොළේ සබන් මිල උච්ඡාවචනය වන ආකාරය පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසත් මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart