Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ අනුර කුමාර දිසානායකට යන දෙදෙනාටම බහුතරය නොමැති බැවින් ඔහු සහ තමා අතර ඇති වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (27) ප්‍රශ්න කළේය.
“පැරදුණොත් ගෙදර ඉන්නැ”යි ජනාධිපතිවරයා තමාට කියූ බව පැවසූ රනිල් වික්‍රමසිංහ බහුතර ජනතාව තමාට ඡන්දය නුදුන් බව පිළිගන්නා බවද ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ “බහුතරයක් නැති හිටපු ජනාධිපතිවරයා මමයි. බහුතරය නැති වත්මන් ජනාධිපතිවරයා ඔහුයි.” යැයි සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ගෑස් සිලින්ඩරය ලකුණින් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන රැළිය මීගමුවේදී පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙවර මහමැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන පළමු ජන රැළිය මෙයයි.
එහිදී ඔහු මෙසේද පැවැසීය.
“අනුර දිසානායක ඉන්නේ මාස තුනයි කියලා ජනතාව කියනවා. මම එහෙම දේවල් කියන්නේ නැහැ. එතුමා ජනාධිපති ලෙස මේ ගමන ඉදිරියට ගෙන යා යුතුයි. ඔහුගේ පක්ෂයෙන් දෝෂාභියෝගයක් එයිද දන්නේ නැහැ. එවැනි දේවල් නොකළ යුතුයි.
නමුත් ඔබ ඔවුන්ගේ ලැයිස්තුව දිහා බැලුවොත්, ඔහුගේ ආණ්ඩුව මාස තුනක්, සමහර විට සති තුනක්වත් තියෙයි හිතන්නේ නෑ. ඒ නිසා රට ගෙනියන්න පුළුවන් අයට ඡන්දය දෙන්න. පළපුරුදු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ජනාධිපතිතුමාට අවුරුදු තුනක් රට ගෙනියන්න පුළුවන්. එසේ නොවුණොත් රටේ පොල් පෝලිම් වෙනුවට තවත් පෝලිම් ඇතිවේවි.
පැරදුණොත් ගෙදර ඉන්න කියලා අනුර කියලා තියෙනවා. මම ඒක පිළිගන්නවා. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා මට ඡන්දය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදුණා. ඔහුටත් බහුතරයක් ලැබී නැහැ. 51%ක් ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ නැහැ.
ඉතින් මම සහ ඔහු අතර ඇති වෙනස කුමක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. බහුතර බලයක් නැති වත්මන් ජනාධිපතිවරයා ඔහුයි. එතුමාට වගේම මටත් බහුතරය නැහැ. ඉතින් විශේෂත්වය මොකද්ද? අපි දෙන්නම එකයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart