Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම සහ පූනරින් හි ඔවුන්ගේ මෙගාවොට් 484 ක සුළං බලාගාර ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ඉන්දියාවේ අදානි සමූහය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා අසත්‍ය සහ නොමඟ යවනසුළු බව පවසා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ, ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බව සමාගම නිශ්චිතවම ප්‍රකාශ කරන බවයි.
“2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත ඇගයීමට 2025 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ගත් තීරණය, විශේෂයෙන් නව ආණ්ඩුවක් සමඟ, කොන්දේසි ඔවුන්ගේ වර්තමාන ප්‍රමුඛතා සහ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගැලපෙන බව සහතික කිරීම සඳහා සම්මත සමාලෝචන ක්‍රියාවලියක කොටසකි,” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.
පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික වර්ධනය මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1ක් ආයෝජනය කිරීමට අදානි තවමත් කැපවී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය වසරේ ජුනි මාසයේදී රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ අත්සන් කරන ලද මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සඳහා ඉන්දියාවේ අදානි සමූහයට ලබා දුන් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව තීරණය කර ඇති බවට දේශීය ජනමාධ්‍ය වාර්තා කිරීමේ පසුබිමක මෙම පැහැදිලි කිරීම සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart