Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව විසින් අද සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩුබායි සිට ආපසු පැමිණෙමින් සිටි මගීන් තිදෙනකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සහ ජංගම දුරකථන තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඒවායේ වටිනාකම රුපියල් මිලියන 7ක් පමණ බව අනාවරණ වී තිබේ.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ට green channel හරහා ගුවන් තොටුපොළින් පිටවීමට උත්සාහ කළ මගීන් තිදෙනෙකු නතර කරන ලෙස නියෝග ලැබී ඇත.
ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 226 දරන ගුවන් යානයෙන් දරුවකු ද සමග සැකකාර කාන්තාවක් ඇතුළු මගීන් තිදෙනා අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසන්නේ, සැකකාර මගීන් තිදෙනාගේ ගමන් මලුවල තිබී රුපියල් මිලියන 03 ක් පමණ වටිනාකමකින් යුත් නවතම ස්මාර්ට්ෆෝන් 77ක් සොයාගත් බවයි.
සැකකාර මගි කාන්තාවගේ ගමන් මල්ලෙන් විදේශීය සන්නාමයකට අයත් දුම්වැටි කාටූන් 200 ක් සොයාගෙන ඇති අතර ඒවායේ දුම්වැටි 40,000 ක් අඩංගු වන බවත් එහි වටිනාකම රු. මිලියන 4 ක් පමණ වන බවත් අනාවරණ වී තිබේ.
එම සැකකාරිය ගුවන් තොටුපළ බලධාරීන් රැවටීම සඳහා ඇය සමඟ ගමන් කිරීමට ළමයකු යොදාගෙන ඇති බව සීවලී අරුක්ගොඩ පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස සඟවා ගෙන යාමට තැත් කළ මෙරට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීයි.
මෙම මගියා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK648 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළට ළඟාවී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් පෙට්ටි 192ක තිබී දුම්වැටි 38,400ක් සොයාගෙන ඇති අතර, ඒවා විකිණීම සහ භාවිතය ශ්‍රී ලංකාව තුළ තහනම් බව පැවසේ.
මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගත් සැකකාර මගියා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ජුනි මස 5 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart