Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ රැකියා, සුභසාධන පහසුකම් වෘත්තියට ගරුත්වයක් ලබාදෙන ගරුසරු හා ස්මාට් වැඩ්ඩන් බිහිකරන Smart Youth Club ඇතුළු සේවාවන් රැසක්.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීපව්‍යාප්තව පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රි ලංකා’ ජනතා ජංගම සේවය නවතම දිගහැරුම පෙබරවාරි මස 23 හා 24 දෙදින කෑගල්ල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයනගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 දින පැවැත්වීමට නියමිතය.
මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.
මෙහිදී Smart Youth වැඩසටහන හරහා, ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දීප ව්‍යාප්තව තරුණ තරුණියන් දසදහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම මෙරට අවිධිමත් අංශයේ වෘත්තීන් වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබාදීමට ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහන යටතේ NVQ සහතිකද ලබාදීමට මෙහිදී සැලසුම් කර ඇත.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමට හා පාසල් උපකරණ බෙදාදීමට කටයුතු යොදා ඇති අතර, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීම, මෙරටට පැමිණීමෙන් පසුව සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමනික ශ්‍රමිකයන් ඇගයීමට ලක්කිරීමටද නියමිතය.
ස්වයං රැකියා ආරම්භ කර ඇති ශ්‍රමිකයින්ගේ භාණ්ඩ සහන මිලට අලෙවි කිරීම සඳහා වෙළඳපොළක්ද මෙම ප්‍රදර්ශන භූමියේදී පැවැත්වේ.
එසේම ආබාධිත විගමණික ශ්‍රමිකයන් සඳහා ඇස් කණ්ණාඩි හා රෝද පුටු ඇතුළු වෛද්‍ය උපකරණ ප්රදානය කිරීමටද නියමිත අතර, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් තුල සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්‍ය Smart Board පිරිනැමීටද කටයුතු යොදා ඇත.
මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමටද නියමිත අතර, කෑගල්ල දිස්ත්‍රික් වෘත්තිය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංසදය පිහිටුවීමටද නියමිතය.
තවද, කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මගින් විදේශ රටවල රැකියා අවස්ථා ලබාගැනීම සඳහා තරුණ තරුණියන්ට මෙහිදී අවස්ථාව හිමිවන අතර, 24 වන දින රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart