August 24, 2023

චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානා තුනම අභ්‍යවකාශගත කිරීම සඳහා ඉන්දියාව වැයකර ඇත්තේ ඩොලර් මිලියන 263ක් පමණක් බව පෙන්වාදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, 2012 වසරේ සුප්‍රීම්සැට් නමින් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 320ක් වැය කර ඇති බව ප්‍රකාශ කළේය.

2008, 2019 සහ 2023 දයන වසරවලදී චන්ද්‍රයාන් – 1, චන්ද්‍රයාන් – 2 සහ චන්ද්‍රයාන් – 3 නමින් යානා තුනක් ඉන්දියාව කක්ෂගත කිරීමට සමත් වූ බවත්, එම උත්සාහයන් තුන සඳහාම වැයකර ඇත්තේ ඩොලර් මිලියන 263 ක් පමණක් බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව සඳහා වැයකළ දැවැන්ත වියදම සහ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේය.

2015 වසරේ සිට 2018 වසර දක්වා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයා ලෙස කටයුතු කළේ තමන් බවත්, එවැනි චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාව විසින් කක්ෂගත කිරීම පිළිබඳව තමන් නොදන්නා බවත් එහිදී සභානායක සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.