August 22, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් යටතේ පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට බොරු පොරොන්දු ලබා නොදෙන බව නාමල් රාජපක්ෂ කියා සිටියේ අනුරාධපුරයේ පැවති සිය මංගල මැතිවරණ රැලියට එක්වෙමිනි.

කළ හැකි දේ කළ හැකියැයි පවසන බවත් කළ නොහැකි දේ කළ නොහැකි බව ඍජුව පවසන බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවද නාමල් රාජපක්ෂ පවසයි.

බෞද්ධ රටක සියලු ආගම් ආරක්‍ෂා කරන බවද ඔහු කියා සිටියේය.

තමන් අභියෝගවලට බිය නොවන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.