April 10, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන තීරණ කිහිපයක් ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් පසුගියදා ගනු ලැබූ ප්‍රධාන තීරණ හතරක් එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබිණි.

ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල කාන්තාවන් ඇතුළු දිස්ත්‍රික්/ ආසන සංවිධායකවරුන් පත් කිරීමටත් සාර්ථක මැයි දින රැළියකට කැපවීමටත් ඔවුන් තීරණය කර ඇත.

මැයි දිනයෙන් පසු දිස්ත්‍රික් සම්මන්ත්‍රණ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විනය කමිටුවක් පත් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණ කර තිබේ.

42.31%
17.27%
32.76%