April 23, 2024

සමගි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් තම හිතවතුන්ට රජයෙන් මත්පැන් බලපත්‍ර ලබාගැනීම සඳහා අධික කොමිස් මුදල් තැරැව් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

සුරාසැල් පිහිටුවීමේ සැලසුම් පිළිබඳ සහ බලපත්‍ර ලබා ගැනීමට උදව් කළ අය පිළිබඳ මහනුවර වැනි දිස්ත්‍රික්ක කිහිපයක ආගමික නායකයන් විමසා බැලීමෙන් පසුව මෙම කරුණ අනාවරණ වී තිබේ.

එක් අවස්ථාවක, බලපත්‍ර ලබා ගැනීමට උදව් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් අනාගත ව්‍යාපාරිකයන් විසින් සඳහන් කර ඇත.

මෙම ක්‍රියාවෙන් කුපිත වූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ පිළිබඳ අවධානය යොමුකර ඇති අතර ඔහු ඒ පිළිබඳ සොයා බලන බවට පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම අද සවස පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද අවාර්තා වේ.

සුරාසැල් විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දෙන්නේ දේශපාලන අනුග්‍රහය යටතේ බව කවුරුත් දන්නා කරුණකි.

එසේම, විවිධ දේශපාලකයන් එවැනි වෙළඳසැල් සෘජුව හෝ වක්‍රාකාරව ඔවුන්ගේ ප්‍රොක්සි හරහා හිමිකර ගනී.

මේ අතර, පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව සිය මැතිවරණ කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකිරීමට රජයෙන් මුදල් ප්‍රතිපාදන ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රශ්න කිරීමට නියමිත බැවින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම නොසන්සුන් වීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

42.31%
17.27%
32.76%