Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිඥා දී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තර ලංකා සභාගය විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නියමිතය.
2024 අංක 09 දරන ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම සඳුදා (26) ආරම්භ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම “මෝඩ” ක්‍රියාවක් වන අතර ඊට සහය නොදක්වන බවයි.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරදවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ද පැවසීය.
“අපි කථානායකතුමාට සහයෝගය දෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
ඔවුන් විශ්වාසභංග යෝජනාව පරදවන්නේ දැයි මාධ්‍ය විසින් විමසූ විට ඔහු පැවසුවේ “ඔව්, අනිවාර්යයෙන්ම,” යනුවෙනි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පැහැදිලිවම ව්‍යවස්ථාමය කරුණක් මත පදනම් වූවක් බැවින් ජාතික ජන බලවේගය ඊට සහය දක්වන බවයි.
“මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය හෝ විපක්ෂයට සළකන ආකාරය ගැන නෙවෙයි, පැහැදිලිව ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් ගැනයි. යම් පනත් කෙටුම්පතකට සංශෝධන යෝජනා කළ විට ඒවා එකින් එක එකතුකර ඇත්දැයි බැලීමට මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ නැහැ. කථානායකවරයා සිය කාර්ය මණ්ඩලය සමඟ අදාළ සංශෝධන සිදු කරන බවට සහතික වනු ඇතැයි මන්ත්‍රීවරු විශ්වාස කරනවා. ඔන්ලයින් ආරක්ෂණ පනතේ දී කථානායකවරයා විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ අධිකරණයේ උත්තරීතරභාවය උල්ලංඝනය කර තිබෙනවා. මෙම විශ්වාසභංග යෝජනාව පදනම් වී ඇත්තේ සාධාරණ පදනමක් මත වන නිසා අපි එයට සහාය දෙනවා” යනුවෙන් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නේ දැනට ආණ්ඩුව යටතේ කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් ලෙස කටයුතු කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කරන්නේ කුමක්දැයි තමන් නොදන්නා නමුත් විපක්ෂයේ අසුන් ගන්නා ඔවුන්ගේ සෙසු මන්ත්‍රීවරුන් කරන දේ තමන් දන්නා බවයි.
ඔවුන් විශ්වාසභංග යෝජනාව සඳහා සහය දක්වනු ඇති බව ඔහු සඳහන් කළේය.
කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබියදීත්, කථානායක අබේවර්ධන විසින් ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීමට රජයට අවසර දී ඇති බවත්, එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු විශ්වාසභංග යෝජනාව මගින් ප්‍රකාශ වී තිබිණි.
2024 පෙබරවාරි 8 වැනි දින ලිපියක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ද පෙන්වා දී තිබුණේ එම පනත සම්මත කිරීම සඳහා ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලැබී තිබේද යන්න පිළිබඳ සැකයක් පවතින බව යැයි විශ්වාසභංග යෝජනාව මගින් කියයි.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලිවම බෙදීමක් ඉල්ලා සිටි නමුත් කථානායකවරයා එම ඉල්ලීම නොසළකා හැර රජයට ඉදිරියට යෑමට ඉඩ දී ඇති බව විශ්වාසභංග යෝජනාවේ සඳහන් වේ.
2024 පෙබරවාරි 1 වැනි දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඔන්ලයින් ආරක්ෂණ පනත අනුමත නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අබේවර්ධනගෙන් ඉල්ලා සිටියද, කථානායකවරයා මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම සැළකිල්ලට නොගෙන එය අනුමත කළ බව විශ්වාසභංග යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart