42.31%
17.27%
32.76%
September 13, 2023

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවල වසර දෙකකින් වෙන් නොකළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්, 2024 සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කරන ලෙස පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.

ඉදිරි අයවැයේදී ජනතාවට යම් යම් සහන ලබාදීමේ වැදගත්කම පිළිබඳව වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සාකච්ඡා කර ඇති බව මේ සතිය මුලදී වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ, වික්‍රමසිංහ සහ රාජපක්ෂ සති දෙකකට වරක් හෝ මසකට වරක් හමුවීම සාමාන්‍ය පුරුද්දක් බවයි.

“ඔවුන් සාමාන්‍යයෙන් මුණගැසී සාකච්ඡා පවත්වනවා. අපි කවුරුත් ඒ රැස්වීම්වලට සහභාගි වෙන්නේ නැහැ. ඒ නිසා ඒවායේ ප්‍රතිඵලය ගැන අපි දන්නේ නැහැ. නමුත් ඔවුන් සාකච්ඡා කර ඇති යම් වැදගත් කාරණයක් තිබෙනවා නම්, ඒ ගැන අපිව දැනුවත් කරනවා.” යැයි මහලේකම්වරයා සඳහන් කරයි.

ඉදිරි අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අදහස් පළකරන මහලේකම්වරයා මෙසේ සඳහන් කරයි.

“අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවායින් මන්ත්‍රීවරුන්ට තමන්ගේ දිස්ත්‍රික්කවල ව්‍යාපෘති කරන්න මුදල් වෙන්කරන්න කියලා අපි කරන ඉල්ලීමත් එවැනි යෝජනාවක් වැදගත්. ආර්ථික අර්බුදයත් එක්ක අවුරුදු දෙකක් තිස්සේ ඒ මුදල් වෙන්කරලා නැහැ. ඒක ලොකුවට බලපානවා, ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ගේ ජනප්‍රියත්වයට. ඒ නිසා ජනාධිපතිතුමා අපේ ඉල්ලීම සළකා බලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

(The Morning)

42.31%
17.27%
32.76%