September 6, 2024

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නලින් ප්‍රියදර්ශන සහ හිටපු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වේ.