Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධනගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට ඊයේ (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්රමසිංහට සහයෝගය පළකර ඇතැයි ‘ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙම ඇමතිවරුන් සහ මන්ත්රීවරුන් අතර ඇමැති ප්රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ,කංචන විජේසේකර, රමේෂ් පතිරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ප්රිදර්ශන වෙයි.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන සමඟ පැවැති මෙම හමුවේදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පවසා ඇත්තේ රනිල් වික්රමසිංහගේ ජනපතිවරණ ජය තහවුරු කිරීම සඳහා තමන් කැපවී ක්රියාකරන බවයි.
එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පවසා ඇත්තේ, පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්රීවරුන් එකසිය පහක් ජනාධිපති රනිල් වික්රමසිංහගේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්වී සිටින බවයි.
පොදුජන පෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකවරයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයාට සහයෝගය පළකිරීමට සූදානමින් සිටින මන්ත්රීවරුන්ගේ ගමන ද තවත් වේගවත් වන බව එජාප සභාපතිවරයා පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart