July 30, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරු සියලුදෙනා අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාමුහිකව සිය සහයෝගය පළකිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවැසීය.

රාජ්‍ය ඇමතිවරයා මේ බව අනාවරණය කරන ලද්දේ මේවන විට පැවැත්වෙන විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මෙම ජනමාධ්‍ය හමුවට එක්ව සිටියහ.

42.31%
17.27%
32.76%