Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිසබය විසුරුවා මහ මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට පෙරද පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.
යම් හෙයකින් හදිසි මහ මැතිවරණයක් පැමිණියහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරන්නේ කෙලෙසදැයි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගෙන් ජනමාධ්‍ය කරන ලද විමසීමකදී ඔහු පවසා ඇත්තේ,තම පක්ෂය සියලුම මැතිවරණ සඳහා වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන අතර ‘පොහොට්ටුව’ ලකුණින් පමණක් තරග කරන බවයි.
මේ අතර පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසුණේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart