Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්ත්‍රීවරුන් පිරිසක් නෞකාවක අති උත්කර්ෂවත් සාදයක් සංවිධානය කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය එය කොළඹ වරායේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් පමණක් බව ප්‍රකාශ කරයි.
වරාය සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමේ අරමුණින් වරාය අධිකාරිය අභ්‍යන්තර හා පිටත වරායේ විවිධ රාජ්‍ය නායකයන්, ප්‍රභූවරුන්, වෘත්තිකයන් සහ මාධ්‍යවේදීන් සඳහා මෙවැනි නිරීක්ෂණ චාරිකා සංවිධානය කරන බව නිවේදනයක් නිකුත් කරමින් අධිකාරිය පවසයි.
නැගෙනහිර ජැටිය, JCT පර්යන්තය සහ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම නැරඹීම සඳහා, ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ ප්‍රියංකර ජයරත්න යන අයගේ ඉල්ලීම පරිදි, වරාය අධිකාරිය මැති ඇමතිවරුන් පිරිසක් සඳහා මෙම නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කළ බව එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ, වාර්තා වන පරිදි ආහාර හෝ වෙනත් කිසිවක් සඳහා තමන් කිසිදු වියදමක් දරා නොමැති බවයි.
වරාය අධිකාරිය එසේ ප්‍රකාශ කළද හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් එවැනි නිරීක්ෂණයක නිරතවන ආකාරය ජනමාධ්‍ය ඔස්සේ දැකගත හැකිවූයේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart