Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ(SLMC) විදේශ උපාධි ඒකකය (FDU) මේ වන විට ප්‍රධානියකු නොමැති වීම හේතුවෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන අතර, අදාළ විෂය සම්පූර්ණ කළ යුතු විදේශීය වෛද්‍ය උපාධිධාරීන් එමගින් අපහසුතාවට පත්වන බව වාර්තා සඳහන් කරයි.
විදේශ උපාධි ඒකකය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ක්‍රියාත්මක ආයතනයක් වන අතර, වෛද්‍ය සභාවේ සාමාජිකයන්ද ඊට ඇතුළත් වේ.
අදාළ රෙගුලාසි මත පදනම්ව පිළිගැනීම සඳහා වෛද්‍ය උපාධි වැඩසටහන් පිරිනමන විදේශීය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ඇගයීම මගින් SLMC හි ප්‍රතීතන ඒකකයට සහාය වීම එයට පැවරී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධානීන්ගේ ඇතැම් පෞද්ගලික අවශ්‍යතා මත එම කමිටුවේ මෑත කාලීන වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බව SLMC අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.
“මෙම කාරක සභාව සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගෙන් සමන්විත වේ. අදාළ නිලධාරීන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත එහි ව්‍යුහයේ යම් යම් වෙනස්කම් සිදුවී ඇත. කමිටු සාමාජිකයින් එම වෙනස්කම් ගැන නොසතුටට පත් වූ අතර අවසානයේ එහි ප්‍රධානියා ඉල්ලා අස්විය. තවත් සමහර සාමාජිකයින්ද ඉල්ලා අස්වීමට සූදානම් වේ.” යැයි ආරංචි මාර්ග පැවසීය.
ප්‍රධානියා නොමැතිවීම හේතුවෙන් විදේශ උපාධි ඒකකයේ කටයුතු මේ වන විට ඇණහිට ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ට අදාළ විභාග පැවැත්වීම, විදේශ වෛද්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම සඳහා ලිපිගොනු සමාලෝචනය කිරීම, එවැනි ආයතනවලින් පිරිනමන උපාධි පාඨමාලා අනුමත කිරීම වැනි වැදගත් කටයුතු රැසක් එලෙස ඇණහිට තිබෙන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart