Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිතව සහාය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බවඑම කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.
අද (04) පැවති පක්ෂ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හකීම් කියා සිටියේ කොන්දේසිවලට යටත්ව ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරියේදී ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක් පවත්වන බවත් එම සාකච්ඡාවේදී ඔහු සමඟ යම් යම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට නැඹුරු නොවන බවත්, ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කරමින් අමාත්‍ය ධුර හෝ වෙනත් තනතුරු අපේක්ෂා නොකරන බවත් හකීම් මන්ත්‍රීවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart